SAITM විරෝධී සත්‍යග්‍රහයට දින 500 සපිරෙයි

SAITM විරෝධී සත්‍යග්‍රහයට දින 500 සපිරෙයි

මුදලය වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ සිදුන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට හෙට (04) වනවිට දින 500ය සපිරෙයි.

2016 වසරේ ජනවාරි 21 වනදා රාගම වෛද්‍ය පීඨයේ සහ කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් අට්ටාල සකස්කර සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එම වසරේ ජනවාරි මාසය අවසන් වනවිට අනෙකුත් වෛද්‍ය පීඨවල සිසු සිසුවියන්ද සයිටම් අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වූහ.

ඒ අනුව ඉදිරිය සතිය තුළ රජරට, කොළඹ, ජයවර්ධනපුර, පේරාදෙණිය ආදී විශ්වවිද්‍යාලවල වෛද්‍යපිඨවප සත්‍රග්‍රහයන්ටද දින 500ය සපිරෙයි.

මේ වනවිට සයිටම් විරෝධී අරගලයට වෛද්‍යවරු, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති, විශ්වවිදයාල ආචාර්යවරු, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරු, වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු බලවේග රැසක් සිය සක්‍රීය දායකත්වය සපයමින් සිටිති.

Image may contain: 5 people, text

Facebook
Twitter
LinkedIn