මාලබේ සයිටම් උපාධි ආයතනය හොර වෛද්‍ය උපාධි කඩයක් බව පසුගිය මැයි 23 වැනි දින පාර්ලිමේන්තුවේ දී යළිත් ආණ්ඩුවේ උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමති, මලික් සමරවික‍්‍රම තහවුරු කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා විසින් පාර්ලිමේන්තුවේ දී අසා තිබූ ප‍්‍රශ්නයකට ලබා දී තිබෙන පිළිතුරකින් මේ බව තහවුරු වේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සයිටම් ආයතනයට අවසර ලබා දී තිබෙන්නේ තොරතුරු තාක්‍ෂණය, කළමනාකරණ හා මූල්‍ය, ඉංජිනේරු, වෘත්තීය අධ්‍යාපනය, හෙද සේවය, භාෂා පුහුණුව සහ සෞඛ්‍ය විද්‍යාව යන පාඨමාලා සඳහා පමණ ය. එසේම සෞඛ්‍ය විද්‍යාවට අදාළ පාඨමාලා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බවට කොන්දේසියද පනවා තිබේ.
මෙහි වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නැත. සෞඛ්‍ය විද්‍යාවට අදාළ විෂයයන් සඳහා මෙහි උපාධි පිරිනැමීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු අනුමැතියක් ද ලබා දී නොමැත. මෙම ආයතනයෙන් උපාධි ලබා දිය හැක්කේ ආයෝජන මණ්ඩලයේ පූර්ව අනුමැතියට යටත්ව පිළිගත් විශ්වවිද්‍යාලයක් සමඟ අනුබද්ධ වීමෙන් පසුව පමණක් බව ද දක්වා ඇත.
එම කොන්දේසිය ද කඩ කර නීති විරෝධීව මෙම ආයතනය හොර උපාධි පිරිනැමීමට කටයුතු කරමින්, විශාල මුදල් ජාවාරමක් කර තිබෙන බව සනාථ වී ඇත.










