වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින කලාප 54ක කුණු කඳු ගොඩ ගසා ඇති බවත් එම ප‍්‍රදේශවල ගැවසෙන සතුන්ගේ විශේෂයෙන් අලි ඇතුන් 300කගේ ජීවිතවලට මේ නිසා තර්ජන එල්ල වී ඇති බවත් අනාවරණය වේ.
පළාත් පාලන ආයතන මඟින් ඉවතලන කැළිකසළ අවිධිමත් ලෙස වනජීවී කලාප 54ට හෙළමින් පවතී. වනජීවී දෙපාර්තමේන්තුව අයත් වන්නේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයට ය. රට පුරා එක්රැස් කෙරෙන කැළිකසළ ඉවත් කිරීමේ දී කිසිදු පිළිගත් විද්‍යාත්මක ක‍්‍රමවේදයක් අනුගමනය නොකර ඉවත හෙළීම දිගින්දිගට ම සිදු කෙරේ.
මෙසේ ඉවත හෙළන කැළිකසළ වනජීවී කලාප 54කට බැහැර කරන බවට සොයාගෙන ඇති අතර එම කැළිකසළ ආහාර ලෙස ගැනීමට පුරුදු වී සිටින අලි, ඇතුන්ගේ ජීවිත මේ නිසා අනතුරට ලක්ව තිබේ. කැළිකසළවල තිබෙන පොලිතින් ආහාරයට ගැනීම උන්ගේ ජීවිත අහිමි වීමට විශේෂයෙන් බලපා ඇත. වසරකට අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් පොලිතින් ආහාරයට ගැනීමෙන් මිය යන අතර නිශ්චිතව අලි 300කගේ ජීවිත මේ වනවිට අනතුරේ පවතින බව හඳුනාගෙන තිබේ.










