රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ බ්‍රිගේඩියර් යළි රක්ෂිත බන්ධනාගාරයට

රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ බ්‍රිගේඩියර් යළි රක්ෂිත බන්ධනාගාරයට

පිරිසිදු පානීය ජලය ඉල්ලා විරෝධතාවල නිරතවූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගා ගත කර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා ජූනි 14 තෙක් යළි රක්ෂිත බන්ධනාගා ගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (31) නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන  ඇත්තේ පුද්ගලයින් ඝාතනය කිරීමේ හා තවත් පුද්ගලයින් ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත බවයි.

තවමත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අද පැමිණ සිට නැත.

Facebook
Twitter
LinkedIn