සයිටම් නඩුවෙන් විනිසුරු මළල්ගොඩ ඉවත්වෙයි

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බව සඳහන් කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම විභාගකිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ඉවත් වන බව ඊයේ (31) අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

මෙම පෙත්සම සිසිර ද ආබෲ ,අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ තමන් අභියාචනාධිකරණ විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් පෙර නඩු තීන්දුවට සහභාගී වී ඇති බැවින් එය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මෙම පෙත්සම විභාගකිරීමෙන් ඉවත් වන බවය.

ඒ අනුව එම පෙත්සම අද (01) අග්‍රවිනිචකාරවරයා හමුවේ කැඳවා ඒ සඳහා නව විණිසුරු මණ්ඩලයක් පත් කිරීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn