දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් දරු දැරියන් හතළිස් හතර දෙනකු ජීවිතක්ෂයට පත්වී 08 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ගංවතුරෙන් වැඩි වශයෙන්ම ආපදාවට ලක්වූ රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 57ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 02ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 08ක්, මාතර දිස්ත්‍රික්කයේ පාසල් 04ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 05ක් හානියට පත්ව ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ ජයවර්ධන පුර කලාපයේ පාසල් 04ක්, මතුගම පාසල් 15ක්, හොරණ පාසල් 39ක්, හෝමාගම පාසල් 04ක් හානියට පත්ව ඇතිව බවද සඳහන් කරයි.
සබරගමුව පළාතේ පාසල් 30ක, දකුණු පළාතේ පාසල් 12ක සහ බස්නාහිර පළාතේ පාසල් 17ක අවතැන් කඳවුරු පවත්වාගෙන යෑමට ලබාදී ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
6










