අඛණ්ඩව සිව්වැනි දිනටත් රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවත් පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (31) පස්වරු 1.00ට කටයුතු කළේය.
ඉදිරියටත් වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (31) දහවල් 1 සිට ඉදිරි පැය 24ක කාලයට අදාළ නිවේදනය වලංගු වේ.
නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන් දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ලෙස,
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත්
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත්
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම හා නියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා ආශ්‍රිත ප්‍රදේශත්
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට හා බදුරලිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ හා ඒ අවට ප්‍රදේශ
මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, පස්ගොඩ, පිටබැද්දර හා මූලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල සහ කටුවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් දැක්වේ.










