ජනතා විමුක්ති පෙරමුණේ “රතු තරුව” සහන සේවා බලකාය විසින් පවත්වාගෙන සහ වෛද්‍ය සායනවලට අවශ්‍ය රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමට බද්දේගම ගෝනපීනුවල සාරාලංකාර මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් කටයුතු කර තිබේ.
ආපදාවට පත් වූ දිස්ත්‍රික්කවලට ලබන සිකුරාදා තෙක් නිවාඩු ලබා දී ඇති බැවින් පාසල් සිසුන් මගී බස්රථවලට ගොඩවී එම මගීන්ගෙන් කැටවලට එකතු කරනලද ආදාර මුදල් සහ ආපදාවට පත් නොවූ ප්‍රදේශවල ගෙයින්ගෙට ගොස් ආධාරපත්‍රවලට ලබාගන්නා ලද මුදල් ආධාර මගින් මෙම ඖෂධ තොගය මිලදී ගෙන ඇත.
එම ඖෂධ තොගය රතු තරුව වෛද්‍ය සායවලට බෙදාදීම සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීම මහතා වෙත පරිත්‍යාග කර තිබේ.





10










