ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
එරට ජනාධිපති මන්දිරය සහ විදෙස් තානාපති කාර්යාල පිහිටා ඇති ප්‍රදේශ ආශ්‍රිතව මෝටර් රථයක් තුළ ඇටවූ බෝම්බයක් මෙලෙස පුපුරාගොස් ඇති බව සඳහන්වේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් බාරගෙන නොමැති අතර බරපතළ තුවාල ලැබූවන් විශාල පිරිසක් සිටින බවත් මිය ගිය සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
4










