විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි මහතාට එරෙහිව 2010 සිට 2014 දක්වා වත්කම් හා බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩු විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (31) නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම විසින් නෙවිල් වන්නිආරච්චිට එරෙහිව නඩු 05ක් ගොනු ඇති අතර ඒ අනුව එම නඩු විභාගය අගෝස්තු 2 වැනි දා සිට ආරම්භ කිරිමට නියමිතය.
2010 සිට 2014 දක්වා කාලය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ අවසාන කාල පරිච්චේදයද වේ.
15










