ආපදා ඇමති සම්මන්ත්‍රණයෙන් පසු පුද්ගලික සංචාරයකට ඇමරිකා ගිහින්

ආපදා ඇමති සම්මන්ත්‍රණයෙන් පසු පුද්ගලික සංචාරයකට ඇමරිකා ගිහින්

පසුගිය 25වනදා සිට සක්‍රියව පැවති නිරිතදිග මෝසම් තත්වය නිසා ඇති වූ ගංවතුර ගැලීම් සහ නායයාම්වලට හසුව මේ වනවිටත් රට ආපදා තත්වයක පවතී. ඒවනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෙක්සිකෝවේ පැවැති ආපදා සම්බන්ධ සම්මන්ත්‍රණයකට සහභාගීවීමට ඇමතිවරයා සහ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකු එහි ගොස් සිට ඇත.

කෙසේ නමුත් එම සම්මන්ත්‍රණය අවසන් වූ වහාම ලහි ලහියේ නැවත මෙරටට පැමිණීමට අදාළ නිලධාරීන් කටයුතු කළද අමාත්‍යවරයා එසේ පැමිණ නැත.

ඔහු සිය පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු පැමින ඇත්තේ ඊයේ (30) අළුයම ය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා දෙසතියක නිවාඩුකාලයක් සඳහා ඇමරිකාව බලා පිටත්වූ අතර විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පුද්ගලික සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගොස් ඇත.

මොවුන්ගේ මෙම ක්‍රියාකලාපයන් සමාජ මාධ්‍ය ජාල ඇතුළු බොහෝ තැන්වලදී විවේචනයට ලක්වනු සුලභව දක්නට ලැබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්