තවත් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙති

තවත් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙති

හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් එරාන් වික්‍රමරත්න මහතා මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙසත් අද (31) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර ඊට අමතරව තවත් හිටපු නියෝජ්‍ය, රාජ්‍ය ඇමතිවරු හා මන්ත්‍රීවරු 05දෙනෙකු විවිධ අමාත්‍යාංශවල නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු ලෙස දිවුරුම් දී තිබේ.

ඒ අනුව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ලෙස වසන්ත සේනානායක මහතාද වාරිමාර්ග රාජ්‍ය ඇමැති ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතාද දිවුරුම් දී ඇත.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙසද කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසද රංජන් රාමනායක මහතා සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමැති ලෙසද දිවුරුම් දී තිබේ.

Facebook
Twitter
LinkedIn