නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනය සිදුවෙයි – එරාන්, හර්ශ දිවුරයි

නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනය සිදුවෙයි – එරාන්, හර්ශ දිවුරයි

නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දී තිබේ.

ඒ අනුව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතාද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද දිවුරුම් දී ඇත.

ඉරාන් වික්‍රමරත්න මහතා මීට පෙර කටයුතු කරමින් සිටියේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ය. එමෙන්ම හර්ෂද සිල්වා මහතා මීට පෙර කටයුතු කරමින් සිටියේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ය.

මේ අතර අනෝමා ගමගේ, රන්ජන් රාමනායක, කරුනාරත්න පරණවිතාන, ලක්ෂමන් යාපා අබේවර්ධන යන මැති ඇමතිවරු ඇතුළු පිරිසක්ද එහි පැමිණ සිටිති.

අනෝමා ගමගේ මහත්මියට විදේශකටයුතු නියෝජ්‍ය ඇමති ධුරයක් හිමිවීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn