ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පිළිබඳව නිල ප්‍රකාශයක් අද (31) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නඟන ප්‍රශ්න හමුවේ පිළිතුරු දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍යවරයකු නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් මහින්ද අමරවීර හා අනුර යාපා යන අමාත්‍යවරුන්ට දන්වා තිබූ අතර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒ සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව පැවසේ.
ඒ අනුව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස අද දින පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
3










