නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්වයෙන් මියගිය සංඛ්‍යාව 193ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පුද්ගලයින් 94 දෙනෙකු අතුරුදන්වී 112 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට වර්ෂාපතනයත් සමඟ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් 149,678 ට අයත් පුද්ගලයින් 5,75,816 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
රත්නපුර දිස්ත්‍රීක්කයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 79ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම දිස්ත්‍රීක්කයේ පුද්ගලයින් 26 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කළුතර දිස්ත්‍රීක්කයෙන් පුද්ගල මරණ 59ක් සහ පුද්ගල අතුරුදන් වීම් 53ක් වාර්තා වී තිබේ.
මාතර දිස්ත්‍රීක්කයේ සිදුවූ මරණ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්වේ.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රීක්කයේ මරණ 13ක් සහ අතුරුදන්වීම් 5ක්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මරණ 5ක්, කෑගල්ල දිස්ත්‍රීක්කයේ මරණ 4ක් සහ ගම්පහ දිස්ත්‍රීක්කයේ මරණ 4ක් වාර්තා වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.










