ස්වාභාවික අපාදාවෙන් පීඩාවට පත්වුවන්හට පිසූ ආහාර සැපයීම සඳහා උපකාරවන ලෙස කෙරුණු ඉල්ලීමට මහජනතාවගෙන් සැළකිය යුතු ප්‍රතිචාරයක් ලැබිණ.
ඒ අද (30) උදැසන සේවාස්ථාන මෙන්ම වෙනත් කටයුතු සඳහා මරදාන දුම්රිය ස්ථානය හරහා ගමන් කරන දුම්රිය මගීන්ගෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා කෙරුණු ඉල්ලීමකට අනුව සිය පරිභෝජනය සඳහා හෝ ඒ වෙනුවෙන්ම සකසා රැගෙන ආ ආහාරවේල පරිත්‍යාග කරන අයුරු මරදාන දුම්රියපොළේදී දක්නය ලැබුණි.
මේ සද්කාර්යය සඳහා තමන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල භාවිතකරමින් කල ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාර හිමිවූ බව ඒ සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ ක්‍රියාකාරීහු පවසති.
හෙට දිනයේදීද මෙම සද්කාර්යය සිදු කරන බව ඔවූහු පවසති.
මෙසේ ලැබෙන ආහාර ඇතුළු ද්‍රව්‍ය රත්මනාල ගුවන් හමුදා කඳවුර මගින් බෙදා හැරීම සිදු කරන බවද එම සංවිධායක කණ්ඩායම සඳහන් කරයි.
මූලාශ්‍ර බීබීසී
4




























