හිමකරුවෙකු නොමැති සැකකටයුතු මෝටර්රථයක් දංකොටුවෙන් හමුවෙයි

හිමකරුවෙකු නොමැති සැකකටයුතු මෝටර්රථයක් දංකොටුවෙන් හමුවෙයි

හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් දංකොටුව පොදු වෙළඳ පොළ භූමියේ තිබියේදී දංකොටුව පොලීසිය විසින් සොයාගෙන තිබේ.

යම් අපරාධයක් සිදුකර හෝ අපරාධයක් කිරීමට යම් පිරිසක් යමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක අදාළ මෝටර් රථය අතහැර දමායන්නට ඇති බවට සැකකරන බව පොලීසිය සඳහන් කරයි.

බෝලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම මෝටර් රථයේ පැමිණි බවට ලැබුණු සැකයක් අනුව වැඩිදුර විමර්ශන සඳහා එම රථය වෙන්නප්පුව පොලීසියට බාරදුන් බව දංකොටුව පොලීසිය පවසයි.

Facebook
Twitter
LinkedIn