ඇමතිවරුන්ට වාහන ගෙන්වීම තාවකාලිකව නතරකරයි

ඇමතිවරුන්ට වාහන ගෙන්වීම තාවකාලිකව නතරකරයි

මේ වසර සඳහා ඉදිරියට ඇමැතිවරුන්ට හා අමාත්‍යාංශ සඳහා නව රථ වාහන ගෙන්වීම නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

මෙහිදී දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්වේ.

මිට පෙර සාලාව අවි ගබඩාව පිපිරීම සිදුවූ අවස්ථාවේදිද ඇමතිවරුන්ට වාහන ගෙන්වීමට පරිපූර්කයක් ඉදිරිපත් කර තිබූ අතර එය නැවැත්වූ බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. කෙසේ නමුත් එම ප්‍රසාකාශය සිදු කර මාස තුනක් යන්නටත් පෙර එම වාහන ලංකාවට ගෙන්වන ලදී.

එමෙන්ම රටතුළ ආපදා තත්වයක් ඇතිව තිබියදී පවා පසුගිය 26වනදා සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් ඇමතිවරුන්ට, ආරක්ෂක ආමාත්‍යාංශයට සහ පාර්ලිමේන්තුවට වාහන මිලදී ගැනීම සඳහාත් ඇමතිවරු කිහිපදෙනෙකුගේ නිල නිවාස අළුත්වැඩියා කිරීම සඳහාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාගෙන ඇති හිස් ගොඩනැඟිල්ලේ කාමර වෙන් කිරීම සහ ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ මිලදී ගැනීම සඳහාත් රුපියල් හැටපන්කෝටි තිස්අටලක්ෂ හැටනවදහස් අටසිය හැත්තෑවක (රු. 653,869,870) පරිපූරකයක් ඉදිරිපත්ක තිබිණි.

වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුව බලයට පැමිණ ගෙවුණු අවුරුද්දකුත් මාස 09ක කාලය තුළ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සහ ජනාධිපති අගමැති සඳහාත් වාහන ගෙන්වීමට රුපියල් කෝටි 450කට අධික මුදලක් වැය කර තිබේ.

Facebook
Twitter
LinkedIn