ප්‍රබල සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මේ වනවිට ලොව පුරා රටවල් 99ක පරිගණක 75,000 කට වැඩි ප්‍රමාණයක් අක්‍රීය කර ඇති බව වාර්තා වේ.
සයිබර් ප්‍රහාරයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ඇමෙරිකාව, එංගලන්තය,චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය, තායිවානයට මෙන්ම යුරෝපයේ රටවල් රැසක් පුරා මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් පරිගණක පද්ධති අඩාල වී ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් අක්‍රීය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෙම සයිබර් ප්‍රහාරය වැළැක්වීමට මෙතෙක් කිසිදු රටක් අපොහොසත්ව ඇති අතර පරිගණක පද්ධති අඩාල කරමින් යුරෝපයේ රටවල් පුරා වේගයෙන් පැතිරෙමින් පවතින බව පැවසේ.

4










