කුරුණෑගල රෝහලට ආධාර ඉල්ලයි

කුරුණෑගල රෝහලට ආධාර ඉල්ලයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පවතින ඩෙංගු අවදානම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් නොවන බැවින් අවට රෝහල්වලින් අවශ්‍ය කාර්ය මණ්ඩලය සපයා දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන හැඳගස්ගමුව මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

රෝහල් පරිශ්‍රය හා ඒ අවට ඩෙංගු අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයේ බහුතරයක් ඩෙංගු රෝගයට ගොදුරුව සිටින බැවින් රෝහලේ ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් බවද අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්