කිලෝ 09ක හෙරොයින් පාර්සලයක් මුහුදේ පාවෙමින් තිබියදී හමුවෙයි

කිලෝ 09ක හෙරොයින් පාර්සලයක් මුහුදේ පාවෙමින් තිබියදී හමුවෙයි

උතුරු මුහුදේ පාවෙමින් තිබියදී අද (12) පස්වරුවේ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 9.3ක පාර්සලයක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇතැයි නාවික හමුදාව කියයි.

කන්කසන්තුරේට මුහුදු සැතපුම් 08ක් දුරින් මුහුදේ සැකකටයුතු පාර්සලයක් පාවෙනු දුටු නාවික හමුදාව වෙරළාරක්ෂක යාත‍්‍රාවකින් එය ගොඩගෙන කන්කාසන්තුරේ වරාය වෙත රැගෙනවිත් පරික්ෂා කිරීමේදී ඒ තුළ හෙරෝයින් ඇති බව අනාවරණය කරගෙන ඇත.

එහි වටිනාකම මිලියන 90ක් පමණ වන බව ගණන් බලා ඇති අතර එම හෙරොයින් පාර්සලය වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරෙයි පොලීසියට බාරදී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්