වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක්

වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලය පිහිටි ඉඩමේ එම කාර්යාලය ඉදිරිපිටට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් එම බෝම්බය පුපුරා ගොස් නොමැති අතර මේ වනවිට වෛද්‍ය සභාවේ කාර්යාලය පිහිට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා ඇත.

බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ එම බෝම්බය නිශ්ක්‍රීය කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද වාර්තා වේ.

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයට එරෙහි සටනේ ප්‍රබල භූමිකාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින්ද ඉටුකරමින් සිටින අතර මීට පෙර අවස්ථා කිහිපයකදීද වෛද්‍ය සභාවේ නියෝජිතයන්ගේ සහ හිටපු සභාපතිවරුන්ගේ නිවාසවලටද අත්බෝම්බ ප්‍රහාර එල්ල වී තිබිණි.

මේ වනවිට බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්