බැංකු පරිඝණකගත කිරීම අතරමග නවතා ඇමති හිතවතා උපදේශකයකු කරයි

බැංකු පරිඝණකගත කිරීම අතරමග නවතා ඇමති හිතවතා උපදේශකයකු කරයි

පරිඝණක මෘදුකාංගයක් ඔස්සේ සමෘද්ධි ප්‍රජා මුල බැංකුවල දෛනික වැඩ කටයුතු කිරීමේ e-Banking වැඩසටහන සදහා පරිඝණක මෘදුකාංග සම්බන්ද ඉංජිනේරුවරයෙකු බදවා ගැනීම නවතා අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් පරිසර හිතකාමී ආදර්ශ ගම්මාන වැඩසටහන සදහා උපදේශකවරයෙකු මාසික රුපියල් 75,000ක දීමනාවකට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව වෙත බදවාගෙන ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා සඳහන් කර සිටියේ 2017.02.15 දිනැති අ.ම.ප/16/2764/711/041 යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගීන් අදාල අනුමැතිය ලබාගෙන ඇති බවය.

ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මහතාගේ අත්සනින් යුතු 2017.03.15 දිනැති DDD/HO/2/Ad/3 යන ලිපිය මගීන් මාසික දීමනාව රුපියල් 75,000ක් බැගින් වසරක කාලයකට මහනුවර පදිංචි එම්.ජී. අබේරත්න මහතා උපදේශක තනතුරට බදවා ගෙන තිබේ.

2017 ජනවාරි 01 සිට ක්‍රියාවට නැංවීමට තිබු පරිඝණක මෘදුකාංගයෙන් බැංකු 300ක දෛනික වැඩ කටයුතු කිරීමේ වැඩසටහන පරිඝණක ඉංජිනේරුවරයෙකු දෙපාර්තමේන්තුව වෙත බදවා නොගැනීම හේතුවෙන් මේ වනවිට අතරමග නවතාදමා ඇති බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn