ගාලු දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම මන්ත්‍රීධුරය දැරීමට සුදුසු නැතැයි අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ලබන 15දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
ඒ අදාළ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සමක් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේදී ය.
ඉකුත් 03 දා දුන් අභියාචනාධිකරණ තීන්දුව අනුව ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිඛිතව දැනුම්දී ඇති අතර එම අවස්ථාවේ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ ශ්‍රේෂ්ටාධිකරණයේ පවතින අභායාචනය විභාග වී අවසන් වනතුරු මැතිවරණ කොමිසමේ තීන්දුව ප්‍රකාශ නොකර සිටීමට ය.
ලබන 15වනදා මෙම පෙත්සම යළි කැඳවීමට නියමිත ය.









