චන්ද්‍රයා මත ස්ථීර නවාතැන් පොළක් ගොඩ ගැනීම ඉලක්ක කර ගනිමින් චීනය නව අභ්‍යාවකාශ ගවේෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම සැළසුමට අනුව සඳ මත කෘතීමව ගොඩනැගූ කුටියක් තුළ අභ්‍යාවකාශ විද්‍යා විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු දින 60ක කාලයක් තුළ රඳවා තැබීමටත් ඉන්පසු දින 200ක පමණ කාලයක් සඳහා වෙනත් සිසුන් 200ක පමණ කණ්ඩායමක් යෙදවීමටත් සූදානම් වන බව පැවසේ.
භාහිර සැපයුම්වලින් තොරව එම කාලය තුළ මෙම කුටිය පවත්වාගෙන යෑමට සැළසුම් කර ඇති අතර එය අභ්‍යාවකාශ ගවේෂණ වැඩසටහන් තුළදී චීනය ලබා ගත් ජයග්‍රහණයක් ලෙස සැළකේ.
2003 වසරේදී චීනය තම ප්‍රථම මිනිසුන් සහිත අභ්‍යාවකාශ චාරිකාව සිදුකළ අතර 2020 වසරේදී තමන්ගේම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා චීනය කටයුතු කරමින් සිටී. පොදුවේ අභ්‍යාවකාශ වැඩපිළිවෙල වෙනුවෙන් විශාල මුදලක් චීනය මේ වනවිට යොදවා ඇති අතර යුරෝපා සමාගම් හා එක්ව සඳමත නිත්‍ය නවාතැන් පොළක් ගොඩනැගීමටද කටයුතු සිදුකරමින් සිටින බව පැවසේ.










