පොලොන්නරුව කදුරුවෙල වෙසක් කලාපය නරඹා ආපසු නිවෙස් බලා එකම යතුරු පැදියකින් අනාරක්ෂිත අන්දමින් පැමිණි මිතුරන් සිවු දෙනෙකු අද (12) අලුයම 1.30ට පමණ සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොවුන් සිව්දෙනා ගමන් ගත් යතුරුපැදිය පොළොන්නරුව සිට බැඳිවැව දෙසට ධාවනය වෙමින් තිබියදී කොළඹ සිට මඩකලපුව දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස්රියක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ බැදිවැව ප්‍රදේශයේම පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකු, 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු සහ තවත් මුස්ලිම් ජාතික තරුණයෙකි.
පොලිසිය පවසන අන්දමට පොලොන්නරුව වෙසක් කලාපයේ වෙසක් කූඩු හා සැරසිලි නරඹා එකම යතුරු පැදියකින් අනාරක්ෂිතව ආපසු නිවෙස් බලා යමින් සිටි මිතුරන් සිවු දෙනා අධික වේගයෙන් යතුරු පැදියේ ගමන් කර ඇති අතර කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ බස් රථයද අධික වේගයෙන් පැමිණ ඇත. යතුරුපැදිය සහ බස් රථය මුහුණට මුහුණ ගැටී සිවු දෙනාම විසිවී ගොස් සිට ඇත. ඔවුන් සිවු දෙනාම එම ස්ථානයේ ම මිය ගොස් සිට ඇති අතර බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා සිද්ධියෙන් පසු පලා ගොස් පසුව පොලොන්නරුව පොලිසියට භාර වී තිබේ.
මෙම රය අනතුරෙන් මිය ගිය මුස්ලිම් ජාතික තරුණයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් කුරුණෑගල ප්‍රදේශයේ රැකියාව කරන්නෙකු බවත් අනතුරෙන් මිටගිය නිශාන්ත සිල්වා යන අයගේ යහළුවෙකු වශයෙන් එහි පැමිණ ඇති බවත් පරික්ෂණවල දී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ විසින් සිදු කෙරේ.










