මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2006 වසරේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාව සිටි මිල්රෝයි ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් බ්‍රිත්‍යනයේ බූකර්ටේඩ් බහුජාතික සමාගම වෙත ඉඩම් අක්කර හැටපන්දහසක් (65,000) ලබා දීමට සැලසුම් කරන ලදී.
නිල්ගල වනරක්ෂිතයත් ගල් ඔහ හා මාදුරු ඔය රක්ෂිතයත් ඇතුළත් වන ලෙස උක් වගාවක් වෙනුවෙන් මෙම ඉඩම් ලබාදීමට පිඹුරුපත් සකස් කළ මොහොතේ ඊට දැවැන්ත මහජන විරෝධයක් ගොඩනැගුණි.
මෙම ව්‍යාපෘතියට එරෙහිව 2007 වසරේ ජූනි මස එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි සමන්ත විද්‍යාරත්න මහතා විසින් එක්දින විවාදයක් ලබා ගනිමින් පැමිණි විනාශයට එරෙහිව බලවත් අරගලයක නිරතවිය.
මෙම ඉඩම් මංකොල්ලයට එරෙහිව “ඌව වෙල්ලස්ස ජනඅයිතීන් සුරැකීමේ පෙරමුණ” නමින් සංවිධානයක් බිහි කළ අතර එහි ප්‍රධාන අනුශාසක ධුරය ඌව වෙල්ලස්ස නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝණායක ධුරන්දර නාගරල රාජමහා විහාරාධිපති බදුල්ලගම්මන සුමනසාර හිමිපානන් විසින් හෙබවූ අතර එහි ලේකම්වරයා ලෙස නීතීඥ වයි.බී. අබේරත්න මහතාත් කැඳවුම්කරු ලෙස සමන්ත විද්‍යාරත්න මහතාත් ඇතුළු ගිහි පැවිදි පිරිසක් කරටයුතු කළහ. එවකට ඌව වෙල්ලස්ස කේන්ද්‍ර කරගනිමින් මහජන උද්ඝෝෂණ, පෙළපාලි, ජනතා රැලි වසර ගණනාවක් පුරා පැවැත්වූ අතර අත්සන් දෙලක්ෂයක මහා ජන පෙත්සමක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද භාරදෙනු ලැබීය.
මෙම විරෝධතා හමුවේ මෙම ව්‍යාපෘතිය එවකට පැවති ආණ්ඩුව අත්හැරදැමූ අතර වර්තමාන රනිල් මෛත්‍රී ආණ්ඩුවෙන් නැවතත් එකී ව්‍යාපෘතිය කරළියට ගෙනඑමින් පවතියි.
මේ සඳහා නව කැබිනට් අනුමැතියක් මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන එකඟතාවයන්ද ලබාගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් දිගාමඩුල්ල දිස්ත්‍රිකයේ මහඔය සහ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙන්ද බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද, මහියංගනය, කන්දකැටිය, මීගහකිවුල, ලුනුගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින්ද මොණරාග දිස්ත්‍රික්කයේ බිබිල, මැදගම හා මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින්ද ලබාගැනීමට නියමිත ය.
මෙහි කර්මාන්ත ශාලාව රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහිගම හා ඇකිරියන්කුඹුර යන ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි හෙක්ටයාර් 149ක භූමියක ඉදිකිරීමට නියමිත ය.
ඒ සඳහා අවශ්‍ය ඉඩම් ඉතා වටිනා පාරිසරික කලාපයක් වන හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භූමියක් වන මාදුරුඔය අසබඩින්, මහවැලි අධිකාරිය විසින් මේ වනවිටත් ලබා දී ඇත.
ඔවුන් පවසනුයේ ඉතිරි වනාන්තර හා පතණ් බිම්වලින් හෙක්ටයාර් 5.2ක් බැගින් උක්වගාව සඳහා පමණක් ගොවීන් වෙත සමාගම විසින් ඉඩම් ලබාදෙන බවයි.
මෙකී වගාවන් සඳහා සහ කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය ජලය නලලිං පද්ධතියක් මගින් ලබා ගැනීමට යෝජනා කර ඇත. මෙම ව්‍යාපෘතිය ගෙනඒම සඳහා ලක්ෂමන් සෙනෙවිරත්න රාජ්‍ය අමාත්‍යවරයා මේ මෙහොතේ මූලික වී කටයුතු කරනු ලබන බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතියට නැවතත් විශාල ජන විරෝධතාවයක් එල්ල වෙමින් පවතියි. මෙම යෝජනාවට එරෙහිව ඌව පළාත් සභා මන්ත්‍රී සමනත් විදයාරත්න මහතා විසින් අද (27) ඌව පළාත් සභාවට යෝජනාවක් ගෙන ආ අතර මෙම අවස්ථාවේ උක්වගාවට යෝජිත ප්‍රදේශවල ගොවි සංගම් නියෝජිතයින් විශාල පිරිසක්ද සභා ගැලරියට පැමිණ සිටි ඇත. විවිධ බාධා හැලහැප්පීම් මැද පැය එකහමාරකට ආසන්න කාලයක් සමන්ත විද්‍යාරත්න මහතා විසින් කරුණු දක්වා තිබේ.
ඝණ පූර්ණය නැති කරමින් සභාව මගහරිමින් ශ්‍රීලනිප සහ එජාප මන්ත්‍රීවරු කටයුතු කර ඇති නමුත් අවසානයේ යෝජනාව සඳහා ඡන්ද විමසා ඇත.
එහිදී මන්ත්‍රීවරු 04දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටි අතර ඉතිරි සියළු දෙනාම යෝජනාවට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළ අතර බහුජාතික සමාගමකට ඉඩම් අක්කර පනස් අටදහසක් (58,000) ලබාදීමේ යෝජනාව ඌව පළාත් සහවේදී අද පරාජයට පත් කරනු ලැබ තිබේ.
සමන්ත විද්‍යාරත්න මහතා 2007 වසරේදී පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය
[embedyt] https://www.youtube.com/watch?v=SMx3IYMC7tk[/embedyt]
[embedyt] https://www.youtube.com/watch?v=h358vmUqWBA[/embedyt]










