ශ්‍රී ලංකාවට GSP+ දීමට එරෙහිව ගෙනා යෝජනාව පරාදයි

ශ්‍රී ලංකාවට GSP+ දීමට එරෙහිව ගෙනා යෝජනාව පරාදයි

ශ්‍රී ලංකාවට ජී.එස්.පී පලස් තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා මන්ත්‍රීවරුන් පිරිසක් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව සම්බන්ධයෙන් අද (27) පැවති ජන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් එම යෝජනාව පරාජය වී ඇත.

ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව සඳහන් කරමින් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 52 දෙදෙනකු විසින් මෙම මෝසම ඉදිරිපත් කරන තිබිණි.

අද පැවැති ඡන්ද විමසීමේදී එම යෝජනාවට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 436 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇත. මෝසමට පක්ෂව ඡන්ද 119ක් හිමි වී ඇති අතර ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙක් එහි සිට නැත.

ඒ අනුව ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ඉදිරිපත් කරන යෝජනාව තවදුරටත් වලංගු වන අතර ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න අවසාන වශයෙන් යුරෝපා සංගම් කවුන්සිලය තීරණය කරනු ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම ඉකුත් ජනවාරි (11) නිවේදනය කර තිබුණි.

මානව හිමිකම්, කම්කරු නීති, යහපාලනය සහ පරිසරය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍ර මත පදනම් වෙමින් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීමත් සලකා බලමින් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්