මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අයත් බව කියන භුමියක වළක් හාරමින් සිටි 10 දෙනකුගෙන් යුත් කණ්ඩයමක් අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදී ඇති බව වාර්තා වේ. ඔවුන් එල්ටීටීඊ සංවිධානයෙන් වළදැමු රත්‍රන් සෙවීමට මෙලෙස වළක් හාරන්නට ඇතැයි සැක කෙරෙයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ ක්‍රියාත්මක වන බව කියන පොලිස් ඒකකයට අයත් වාහනයක්ද එම ස්ථානයේ තිබී ඇති අතර මෙම පිරිස යුද හමුදාවට මුලින්ම කියා ඇත්තේ තමන් පොලිසියෙන් බවය. කෙසේවෙතත් එම ස්ථානය හාරමින් සිටි පිරිස අත්අඩංගුවට ගෙන පොලිසිය බාරදී ඇත.
එල්ටීටීඊ සංවිධානයෙන් වළදැමු ආයුද හා රත්‍රං ගොඩ ගැනීමට රජයෙන් නීත්‍යානූකූල වැඩ සටහනක් සකස් කරමින් යන අතර ඊට පෙර රත්‍රං ගොඩ ගැනීමට මෙම පිරිස උත්සහ කළාදැයි පවතින සැකය මත පරීක්ෂණ සිදුවෙමින් පවතිව වාර්තා වේ.
4










