ඇමෙරිකා සිමා වූ යුද ආධිපත්‍ය බිඳ දැමීමට චීනය සැරසේ!

ඇමෙරිකා සිමා වූ යුද ආධිපත්‍ය බිඳ දැමීමට චීනය සැරසේ!

මෙතෙක් ලොව ප්‍රබලම නාවික බලයට හිමිකම් කියන ඇමෙරිකාවට අභියෝග කරමින් චීනයද සිය පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඊයේ (26) දියත් කළ බව වාර්තා වේ.

මෙම යුද නෞකාව පිළිබඳ තොරතුරු හෙළිදරව් නොකිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇති අතර එය රාජ්‍ය රහසක් ලෙස සලකා කටයුතු කරන බව පැවසේ. ඩේලියන්හි ඊසාන දිග වරායේ දී මෙම යුධ නෞකාව නිෂ්පාදනය කර ඇති අතර එහි යුද ශක්තිය පිළිබඳ තොරතුරු හෙළිදරව් නොකිරීමටද චීනය කටයුතු කර තිබේ.

උතුරු කොරියානු න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පදනම් කරමින් කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුමක් මතු වෙමින් ඇති මොහොතක චීනය සිය පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව මෙලෙස ආන්දෝලනාත්මක දකුණු චීන මුහුද වෙත සිය පළමු ගමන්වාරය දියත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn