අසාද් පාලනය පෙරළා දැමීමට සටන් වදින අයි.එස්. ත්‍රස්තවාදීන්ට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට රුසියානු හමුදාව යැවීමට සූදානම් බව රුසියාව ප්‍රකාශ කර තිබේ.
රුසියානු ජනාධිපති පූටීන්ගේ මෙම යෝජනාවට එරට ආරක්ෂක කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර මෙතෙක් ගුවන් ප්‍රහාර එල්ල කරමින් ආසාද් පාලනයට සහාය දැක්වූ රුසියාව ඉදිරියේදී තීරණාත්මක ලෙස ගොඩබිම් සටන් සඳහා එක්වීමට නියමිතය.
අසාද් පාලනය පෙරළා දැමීමට සටන් වදින අයි.එස්. ත්‍රස්තවාදීන්ද රුසියානු ගුවන් හමුදා ප්‍රහාරයන්ගෙන් දැඩි හානි සිදුව ඇති තත්වයක් හමුවේ අයි.එස්. ත්‍රස්තවාදීන් තම කණ්ඩායම් වෙනත් නම් වලින් හඳුන්වමින් අසාද් පාලනයට එරෙහිව මේ වනවිට සටන් වදිමින් සිටින බව වාර්තා වේ. තක්ෆීර් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන එම කණ්ඩායම් වෙත මැදපෙරදිග හා බටහිර රටවල සහාය ලැබෙමින් පවතින බවට රුසියාව චෝදනා කරයි.
2










