තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලඟ හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලඟ හිඟාකැවේ නැති බවත් අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා තමන්ට ඇප ලබා දීමට නීති අංශවලට උපදෙස් දුන්නේ යැයි යමෙකු පවසන්නේනම් ඔහු එසේ පවසන්නේ ලකුණු දමාගැනීමට බවත් හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංස මහතා අද (07) අධිකරණයෙන් ඇප ලබා එළියට පැමිණි පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන යන මහින්ද පිලේ මන්ත්‍රීවරු පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ විමල් වීරවංස මහතාට ඇප ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගත් සාකච්ඡා කළ බවය.
විමල් වීරවංස යනු මන්ත්‍රී වරයෙකු බවත් ඔහු පොල්කඩන අයෙකු හෝ මේසන් බාස් කෙනෙකු නොවන බැවින් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා හමු වී ඔහුට ඇප ලබාගැනීමට කටයුතු කරන බවත් වරෙක විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ය.
එහෙත් විමල් වීරවංස මහතා සඳහන් කරන්නේ ඔවුන් එවැනි ප්‍රකාශ සිදු කරන්නේ ලකුණු දමා ගැනීමට බව ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විමල් වීරවංස මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන් නිදහස් කර ගැනීමට ලක්ෂ ගණනින් ජනතාව කොළඹට ගෙන්වා විශාල ජන රැල්ලක් ඇති කිරීමට මහින්ද පිලේ මන්ත්‍රීවරු කටයුතු කරනු ඇතැයි ඔහු අපේක්ෂාවෙන් සිටියත් අඩුම තරයේ සීයයක්වත් බන්ධනාගාරය අසළට නොපැමිණීම සම්බන්ධයෙන් උරණව සිටින බව මෙම ප්‍රකාශ මගින් පිළිඹු වන බවය.










