ප්‍රතිසංස්කරණයට යැයි පවසමින් හඳපානගල වැවේ ජලය හිස්කිරීම නිසා හඳපානගල ව්‍යාපාරයේ ගොවිජනතාවට 2016 යල කන්න සම්පූර්ණයෙන්ම පාලු වී ගිය අතර ඒ සඳහා වන්දි ඉල්ලා ගොවිජනතාව අරගලයක නිරත වූහ.
ඒ සඳහා ආණ්ඩුවේ නිසි ප්‍රතිචාර නොදැක්වූ අතර පසුව පසුගිය 27වනදා සමස්ත ලංකා ගොවිජන ව්‍යාපාරයේ මැදිහත්වීම මත මොණරාගල ගොවි නායක එස්.පී සිරිසේන මහතාගේ නායකත්වයෙන් හඳපාන්ගල ගොවි ව්‍යාපාරයේ ගොවිජනතාව සමග එක්ව දැවැන්ත විරෝධතාවයක නිරත වී තිබේ.
ගොවි ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය ගොවිතැන බැවින් පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ගොවියන්ට යල කන්න අහිමිවී ගිය බවත් එළෙඹෙන අලුත් අවුරුද්දට පෙර වන්දි ගෙවීම සිදු නොකොළොත් ගොවි ජනතාව සමග තමන් විජිත් විජේමුණි සොයිසා අමාත්‍යවරයාගේ නිවසට පැමිණෙන බවත් එම විරෝධතාවය අමතමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න මහතා අනතුරු අඟවා ඇත.
කෙසේ නමුත් මේ වනවිට සෑම ගොවි පවුලකම සෑම ගොවියෙකුටම රුපියල් 2000 බැගින් මාස 06ක් යන තුරු ගෙවීමට ආණ්ඩුව කටයුතු කර ඇති අතර ඒ අනුව පස්දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකට රුපියල් දහදාහ (රු. 10,000) බැගින් හිමිවේ.










