රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් සිද්ධියේ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 05දෙනො හඳුනාගැනීම සඳහා අද (07) පැවති පෙරට්ටුවේදී සාක්ෂි කරුවන්ට හැකි වී නැත.
නඩුවේ තුන්වැනි සැකකරු සිට හත්වැනි සැකකරු දක්වා වූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් එම පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කර තිබූ අතර සැකකරුවන් හඳුනාගැනීම සඳහා උපාලි තෙන්නකෝන් මහතාද අද අධිකරණයට පැමිණ සිට ඇත.
ඒ අනුව ඔවුන් හඳුනා ගැනීමට නොහැකිවීම නිසා පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකාර යුද හමුදා කෝප්‍රල්වරු පස් දෙනා සහ යුද හමුදා බුද්ධි අංශ මේජර් බුලත්වත්ත මහතා ඇප මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා නියෝග කර තිබේ.
වැඩ බලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය ඉදිරියේ හඳුනාගැනීමේ පෙරට්ටුව පැවත්වා ඇත.
4










