මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය ගැන ආණ්ඩුව ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් කරුණු 04ක් සහිත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ විසින් පුවත්පත නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව,
- වෛද්‍ය උපාධියට (MBBS) අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන් හට හෝමාගම හා අවිස්සාවේල්ල රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප්‍රසව විද්‍යාව සහ බාලක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මාසය බැගින් වූ වැඩිදුර සායනික පුහුණුවක් ලබා දෙනු ඇත.
- මෙම පුහුණුවෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට අයදුම්කරුවන් මුහුණ දෙනු ඇත.
- නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනය කරනු ඇත.
- නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ඇති අතර එය අඛණ්ඩව ශීක්ෂණ රෝහලක් වශයෙන් පවත්වා ගෙන යනු ඇත. යන කරුණු දක්වා ඇත.
අභියාචනාධිකරණයේ තීන්දුවට හා එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කර ඇති අභියාචනයට යටත්ව උක්ත කරුණු ක්‍රියාත්මක කරන බවද උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ජයන්ත විජේතුංග මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
0











