SAITM විරෝධී රැලිය ඇරඹේ VIDEO

SAITM විරෝධී රැලිය ඇරඹේ VIDEO

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරිම ඇතුළු කරුණු 05ක් මුල් කරගනිමින් අද (07) පෙරවරු 8.00 ඇරඹි වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

මෙම විරෝධතා රැලිය සඳහා රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය, සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් සහභාගී වී සිටී.

වෛද්‍යවරුන්, වෛද්‍ය සුසුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටිති.

Image may contain: one or more people and outdoorImage may contain: 2 people, crowd and outdoorImage may contain: 3 people, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: one or more people, people standing and outdoorImage may contain: one or more people, people standing, crowd and outdoor

Facebook
Twitter
LinkedIn