SAITM විරෝධී පාගමන කොටුවට

SAITM විරෝධී පාගමන කොටුවට

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරිම ඇතුළු කරුණු 05ක් මුල් කරගනිමින් අද (07) පෙරවරු 8.00 ඇරඹි වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව පැවැත්වෙන විරෝධතා රැලියට අදාළ පෙලපාලිය මේ වනවිට කළොඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණෙනමින් තිබේ.

මෙම පෙළපාළිය සඳහා රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය, සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් සහභාගී වී සිටී.

මෙම පාගමන අවසානයේ පැවැත්වීමට සංවිධානය කළ විරෝධතා රැලියක්ද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත් වීමට නියමිත ය.

Image may contain: 3 people, crowd and outdoorImage may contain: 6 people, crowd, tree and outdoorImage may contain: 10 people, crowd and outdoorImage may contain: 1 person, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: 4 people, crowd and outdoor

Facebook
Twitter
LinkedIn