විල්පත්තු ජතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර පහක් එක්කිරීමට නිකුත් කෙරුණු ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි සිදු කෙරෙන ප්‍රකාශවලට විරෝධය පලකරන බව පරිසර සංරක්ෂණ භාරය පවසනවා. එහි අධ්‍යක්ෂ පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ එම ගැසට් නිවේදනයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව තහවුරුවන බවයි. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම මෙම ගැටලුව ජාතිවාදි ප්‍රශ්ණයක් දක්වා දුරදිග ගෙනයෑමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.
මෙම ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් සිදු කරන බලපෑමට බලධාරීන් බිය නොවිය යුතු බව ද පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් පෙන්වා දුන්නා.
සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පැවසුවේ ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය කිසිසේත් වෙනස් නොකල යුතු බවයි.
22










