‘රාජ්‍ය සේවය කා වෙනුවෙන්ද ?’ සම්මන්ත්‍රණට ගාල්ලේදී ඉහල සහභාගීත්වයක්.

‘රාජ්‍ය සේවය කා වෙනුවෙන්ද ?’ සම්මන්ත්‍රණට ගාල්ලේදී ඉහල සහභාගීත්වයක්.

ගාල්ල දිස්ත්‍රික් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන ලද ‘රාජ්‍ය සේවය කා වෙනුවෙන්ද ?’ සම්මන්ත්‍රණය පසුගිය 30 වනදින හෝල් ඩී ගෝල් ශ්‍රවනාගාරයේදී පවත්වනලදි. මෙම සම්මන්ත්‍රණය සදහා ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානය නියෝජනය කරමින් හිටපු විගණකාධිපති සරචන්ද්‍ර මායාදුන්න මහතා , හිටපු අමාත්‍යංශ ලේකම් ඒ. පී. ඒ ගුණසේකර මහතා සහ සීමානීර්න කොමිසමේ හිටපු සභාපති අසෝක පීරිස් මහතා කථිකයින් ලෙස සහභාගීවිය.

ගාල්ල දිස්ත්‍රික් ජාතික විද්වත් සංවිධානයේ  ලේකම් අසංක ධර්මදාස මහතා , රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශම්මිත ලියනගේ මහතා , වෛද්‍ය ජගත් කුමාර මහානාම මහතා ,ව්‍යාපාරික ඩබ්ලිව් අතුකෝරල මහතා , හිටපු අමාත්‍යංශ ලේකම් සිරිසෝම රූබසිංහ මහතා , සමාගම් රෙජිස්ටාර් නීතිඥ ඩී.කේ හෙට්ටිආරච්චි මහතාද එම සංවිධානය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්