විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම හා වරප්‍රසාද ලබාගැනීම උදෙසා විදෙස්ගගත ශ්‍රී ලාංකිකයන් එකම සංවිධානයක් යටතේ බලමුළුගැන්වීමේ අරමුණින් පවත්වමින් තිබෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සමුළු මාලාවේ තවත් එක් පියවරක් ලෙස ‘එතෙර අපි’ සංවිධානයේ කුවේට් ශාඛාව විසින් සංවිධානය කරන ලද කුවේට් සමුළුව ජනතා විමුක්ති පෙරමුනේ නායක,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (31) කුවේට්හි ජිකිබ් අල් ශුවෙක් ජමයියා ශාලාවේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහාභාගිත්වයෙන් අභිමානවත් අයුරින් මුළුදුනි.
මේ විශේෂ අවස්ථාවට කුවෙට්හී සේවය කරන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගී විය. මෙම සමුළුව සදහා එතෙර අපි සංවිධානයේ සහෝදර ශාඛාවන්ද සුබපැතුම් එක් කර තිබු අතර එතෙර අපි සංවිධානයේ මෙතෙක් ආ ගමන මග පිලිබදව ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කරන ලදී.මිට අමතරව මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික දරුවන්ගේ සහ ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් සංස්කෘතික අංග කීපයක්ද එක්කර තිබුණි.

















