අධිකරණය අපක්ෂපාතී නැහැ – යුක්තිය ඉටුවෙන්නේ නැහැ – චම්පික රණවක

අධිකරණය අපක්ෂපාතී නැහැ – යුක්තිය ඉටුවෙන්නේ නැහැ – චම්පික රණවක

අධිකරණය අපක්ෂපාතී නොව බවත් එම නිසා යුක්ති ඉටු නොවන බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි. දිනමින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

“මේ ආණ්ඩුව උසාවිය ස්වාධීන කළා. ඒත් ඒක අපක්ෂපාතී නැහැ. පහළ අධිකරණයෙන් අත්අඩංගුවට ගන්නව, ඉහළ අධිකරණයෙන් ඇප ගන්නව. එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න එපා කියල නියෝගයක් ගන්නව. අවුරුදු ගාණක් නඩු කල් යනවා. සමහර මිනිස්සුන්ට ඇප ලැබෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවටත් හොරෙන්. යුක්තිය ඉටුවෙන්නෙ නැහැ“ යැයි පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“දේශපාලන වශයෙන් සමහරුන්ව ගලවගන්න ක්‍රියාමාර්ගත් දියත් වෙනවා. මේ ජනාධිපතිටයි අගමැතිටයි මහජනයා ඡන්දෙ දුන්නෙ දූෂණයෙන් තොර රටක් ඇති කරන්න. මේක ආණ්ඩුවට පාරා වළල්ලක් වෙනවා. ඒ වගේම විමර්ශනවල තියෙන තාක්ෂණික දුර්වලතාත් බලපානවා. හොඳ විමර්ශකයො නැහැ. හොඳම උදාහරණය ගල් අඟුරු වංචාව. ඒකෙ සමහර තොරතුරු වැරදියි.“

 

 

Facebook
Twitter
LinkedIn