දකුණු කොරියා හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවට!

දකුණු කොරියා හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවට!

දූෂණ චෝදනා එල්ල වී බලයෙන් පහ කරනු ලැබූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය වන පාක් ගුවෙන් හායි අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

65 හැවිරිදි හිටපු ජනාධිපතිනියට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එම අත්අඩංගුවට ගැනීම එරට අධිකරණයද අනුමත කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය රඳවා ගැනීමේ කඳවුරක් වෙත රැගෙන ගොස්  ඇති අතර තම සමීපතම මිතුරියක් වන චෝයි සුන් සිල් නැමැත්තියට දකුණු කොරියාවේ සුවිශාල සමාගම්වලින් අයථා ආකාරයෙන් මුදල් රැස්කර ගැනීමට දේශපාලන අනුබල දීම හිටපු ජනාධිපතිනියට එරෙහිව එල්ල වී ඇති බරපතළම චෝදනාවයි.

මෙම චෝදනා සියල්ල හිටපු ජනාධිපතිනිය ප්‍රතික්ෂේප කරන අතර දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ ජනාධිපතිවරුන් අතරින් තුන්වැන්නා ලෙස ඇය පවත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn