සතුරාට එරෙහිව දෑත් දිගු කරන වෙනිසියුලාවේ මදුරෝ!

සතුරාට එරෙහිව දෑත් දිගු කරන වෙනිසියුලාවේ මදුරෝ!

“මගේ දෑත ඔබ වෙත දිගු කරනවා. ඒ තුළින් ඇමෙරිකාවේ සිටින මෙක්සිකානු සරණාගතයින්ට අවශ්‍ය සහෝදරත්වය හා සහයෝගය ලබාදීමට හැකිවනු ඇත.“ යනුවෙන් වෙනිසියුලානු ජනාධිපති නිකොලායි මදුරෝ මෙක්සිකානු ජනාධිපති එන්රිකෝ වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

O.A.S. නමින් හැඳින්වෙන ඇමෙරිකානු රාජ්‍යයන්ට අයත් සංවිධානයේ රටවල් කිහිපයක් විසින් වෙනිසියුලාව ඉන් ඉවත් කිරීමට දරන උත්සාහය පිළිබඳව මදුරෝ එහිදී මෙක්සිකානු ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාව එම සංවිධානයෙන් පිටමං කිරීමට උත්සාහ දැරීම නොව ඇමෙරිකානු ප්‍රතිපත්තිවලට එරෙහිව එක්ව කටයුතු කිරීමට සියලුම රටවල් පෙළගැසිය යුතු බවයි.

රටවල් 35ක සාමාජිකත්වයක් සහිත O.A.S.සංවිධානය තුළින් ඇමෙරිකානු වුවමනාව මත වෙනිසියුලාව ඉවත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමේ සූදානමක් පවතින අතර ඊට ඇමෙරිකානු සහාය ලබන රටවල් කිහිපයක් මූලිකත්වය ගෙන ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සෙනෙට් සභික මාර්කෝ රූබියෝ තර්ජනාත්මකව පවසා ඇත්තේ වෙනිසියුලාව O.A.S.සංවිධානයෙන් නෙරපීමෙන් තොරව තවදුරටත් එම රටවලට ඇමෙරිකානු සහායක් හෝ ආධාර බලාපොරොත්තු නොවිය යුතු බවයි.

Facebook
Twitter
LinkedIn