එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යූ.එන්.ඩී.පී. සංවිධානය ලොව පුරා සිදු කරනු ලැබූ සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇත්තේ ලොවපුරා මිලියන 766ක ජනතාවක් අන්ත දිළිඳු භාවයෙන් පීඩා විදින බවයි.
එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ලොව බහුතරයක් රටවල දිළිඳුකම පිටුදැකීම සහ සාක්ෂරතාවය ඉහළ දැමීම පිළිබඳ උදම් ඇනුවත් අවම ආදායම් ලබමින් සාගින්නේන් පීඩාවිඳින අතිවිශාල ජනතාවක් අමතකර කර දමමින් කටයුතු කරන බවයි.
ජනගහනයෙන් 1/3ක් මන්දපෝෂණයෙන් පීඩා විඳින බවත් , ජනගහනයෙන් 1/10 ප්‍රමාණයක් අන්ත දිළිඳුකමෙන් පීඩා විඳින බවත් ඉන් බහුතරයක් ජනතාව ලිවීමට, කියවීමට නොහැකි තත්වයක පසුවන බවත් ආදායම් බෙදී යාමේ විෂමතාවය මුළු ලෝකයම අර්බුදයකට ලක්කර ඇති බවත් ලෝක ජනගහනයෙන් 1%ක් පමණ වන සුපිරි ධනවතුන් ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකගේ වත්කම්වලට වැඩි වත්කම් ප්‍රමාණයක් භුක්තිවිඳින බවත් එම සංවිධානය වැඩිදුරටත් හෙළිකර තිබේ.










