ස්කෝට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමේ සූදානම නැවතත්

ස්කෝට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමේ සූදානම නැවතත්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ තීරණාත්මක මොහොතක සිටියදී ස්කෝට්ලන්තයත් බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමේ සූදානම තවත් පියවරක් ඉදිරියට තබා ඇති බව වාර්තා වේ.

ස්කෝට්ලන්ත පාර්ලිමේන්තුවේ පළමු ඇමති නිකොලා ස්ටර්ජන් වසර දෙකක් ඇතුළත ස්කෝට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන් විය යුතු බවට ගෙන එන ලද යෝජනාවට ස්කෝට්ලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ යුරෝපා සංගමයෙන් වෙන් වීමේ තීරණාත්මක ‘අංක 50‘ නැමති ලියවිල්ලට අත්සන් තැබීමෙන් අනතුරුව ස්කෝට්ලන්තය මෙම යෝජනාව සම්මත කර ගෙන ඇති බව පැවසේ. ස්කෝට්ලන්තයේ මෙම තීරණයට තමන්ගේ බලවත් විරෝධය පළ කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ප්‍රකාශ කර ඇති අතර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට දරන උත්සාහයට ස්කෝට්ලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ නොකිරීම හේතුවෙන් බලවත් අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn