මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යුද හමුදා මේජර්වරයා ඇතුළු සැකකරුවන් 06 දෙනාට අධිකරණය ඇප නියම කලේය.
ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් ප්‍රදීපා ලෝචනී අබේවික්‍රම වීරසිංහ නියෝගයකට අනුවයි.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී එක් අයෙකුට ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප නියම කල අතර නඩුව යළි ජුනි මස පළමු වනදා විභාග ගැනීමට නියමිතයි.
ඇප නියම වුව ද පළමු සැකකරු වන යුද හමුදා මේජර්වරයා හැර සෙසු සැකකරුවන් 05 දෙනා ලබන මස 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
ඒ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ බී වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.
3










