උපවාසය ඉවරයි, වීරවංශ කිරි බොයි.

උපවාසය ඉවරයි, වීරවංශ කිරි බොයි.

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකට ලක්ව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින විමල් වීරවංශ මහතා විසින් ඇප ලබා දෙන ලෙස ඉල්ලා පවත්වාගෙන ආ උපවාසය අත්හැරීමට තීරණය කර කිරි වීදුරවක් පානය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

මහා සංඝරත්නයේ ඉල්ලීමක් මත මෙසේ උපවාසය අත්හල බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලැබීමෙන් පසු ඇප ඉල්ලා අයදුම් කළද ඇප නොලැබීම හේතුවෙන් ඉකුත් මාර්තු 22 දා ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරය තුළදී උපවාසයක් ආරම්භ කරන ලදී.

Facebook
Twitter
LinkedIn