ආණ්ඩුව රටට කියන එකයි කරන එකයි දෙකක්

ආණ්ඩුව රටට කියන එකයි කරන එකයි දෙකක්

හයිබි‍්‍රඩ් අධිකරණයක් පිහිටුවීම පිළිබඳව මේ දිනවල දේශපාලන කතාබහ වැඩිවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලඥයින්ගේ කතාබහ පිළිබඳවත් එහි සත්‍ය තත්වයන් පිළිබඳවත් ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වූයේ, පසුගිය සතියේ පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදීය. මංගල සමරවීර කියලා තිබුණා හයිබි‍්‍රඩි අධිකරණයක් පිහිටුවන එක රටේ ව්‍යවස්ථාවට එකඟ නැහැ කියලා. ආණ්ඩුවේ ඇමතිවරු කරන දේවලූයි කියන දේවලූයි අතර ලොකු පරස්පරයක් තියෙනවා. රටට කියන්නේ එකක්. ඒත් ඇත්තටම කරන්නේ තව දෙයක්.” විජිත හේරත් කියා සිටියේය. ජිනීවා මානව හිමිකම් සමුළුවට අපේ රටේ ආණ්ඩුව දාපු යෝජනාවක් තමයි හයිබි‍්‍රඞ් අධිකරණය ගැන යෝජනාව. මේක යෝජනාව හැදුවේ ආණ්ඩුවේ ඇමතිවරු එකතු වෙලා. ඒ වෙලාවේ රටේ ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියලා බැලූවේ නැද්ද ටිල්වින් සිල්වා ප‍්‍රධාන ලේකම්වරයා විජිතගේ කතාවට තවත් අදහසක් එක් කළේය. ”අපි ඒ වෙලාවෙත් කිව්වා මේක රටේ ව්‍යවස්ථාවට එකඟ නැහැ කියලා. යෝජනාව දාලා ජනාධිපතිතුමා වේදිකාවේ කියනවා එහෙම අධිකරණ පිහිටුවන්න දෙන්නේ නැහැ කියලා. මේ යෝජනා ජනාධිපති දන්නේ නැතිව හදන ඒවා නෙවෙයි. මේවා ජනාධිපති දැනුවත්ව කරපු දේවල්. මුළු රටටම බලපාන දෙයක් මේ විදියට රටේ මූලික නීතියට පිටින් කරන්න දෙන්න බැහැ. මේ ගැන රටේ ජනතාව දැනුවත් කරන්න  ඕනෑ. මොකද මේවා දේශපාලන වේදිකාවේ මීඩියා කට් කතාවලට වඩා රටට බලපාන දේවල්. බිමල් රත්නායක කියා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්