කීත් නොයාර් පැහැර ගත් වෑන් රියක් හමුවෙයි

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට යොදා ගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින යුධ හමුදා මේජර් බුලවත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසක තිබී  ඊයේ(28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෑන් රථය සොයාගෙන ඇත.
කීත් නොයාර්ට පැහැරගැනීමට අමතරව ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ රැසකට මෙම වාහනය භාවිත කර ඇති බවට පොලීසිය සැක කරන බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Facebook
Twitter
LinkedIn