බදාදා පැය 15 ක් කොළඹ අවට වතුර නෑ

අද(29) උදෑසන 9.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප‍්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප‍්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශ සහ රත්මලාන යන ප‍්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටවන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Facebook
Twitter
LinkedIn